ගිය වතාවේ හිටපු සෑර්ට වඩා මේ වතාවේ පිස්සන් කොටුවේ වැඩ භාරගත්තු ඩොකා ටිකක් සීන්කාරයා.ඒ හින්දම වැඩ කරන උන් විතරක් නෙමෙයි, වෙනදට නිදහසේ එහෙ මෙහේ කරක්ගහපු, ආතල් එකේ හිටපු පිස්සු ඩෑල් ටිකටත් තමන්ගේ සුපුරුදු නිදහස යම්තාක්දුරකට අහිමිවෙලයි තිබුණේ.😟😟
කොහොම උනත් මේ හින්දා වැඩ කරන සැට් එකයි,පිස්සු ඩෑල් ටිකයි, තමන් කෙරෙහි නොකැමැත්තෙන් පසුවන වග ඩොකාටත් රහසක් වුනේ නැහැ.
දවසක් ඩොකා වැඩ ටික ඉවර වෙලා මිනිහගෙ කාර් එක ලගට ඇවිත් දොරට අත තියනවත් එක්කම, පිහියක් අරන් පිස්සු ඩෑල් එකක් දොර ගාව හිටගත්තලු. අෆොයි..!!! සීන් එක තේරුනු ඩොකා දිව්වලු.පිස්සු ඩෑල් එකත් ඒ සැනින් ඩොකා පස්සේ පැන්නනවා.ඩොකා උදව් ඉල්ලලා කෑගැහුවත් වෙනදාට එහෙ මෙහේ රස්තියාදු ගහපු වැඩ කරන උන් එකෙක්වත් පේන්න නෑලූ.(හී..ඩොකා දාපු නීති නොවැ) බඩ තඩි ඩොකාට,ඒ තඩි බඩ එක්ක වේගයෙන් දුවන්නත් බෑ.අෆොයි..! අභාග්‍යයක තරම. කකුල පැටලිලා ඩොකා බිම..! මේ හේතුවෙන් ධාවන තරගය සැනින් අවසන්විය. පිහිය ගත්තු පිස්සු ඩෑල් එක මහ හඩින් හිනාවෙවී ටිකෙන් ටික බර අඩි තිය තිය ඩොකා ලගට ආව..බය උනු ඩොකා ඇස් දෙක තදින් වහගෙන ඊලගට එලඹෙන අමිහිරි අත්දැකීම විදදරාගැනීමට සිය හදවත සූදානම් කරගත්තා. ඊලග මොහොතෙදි මෙතෙක් මිට මොලවාගෙන හිටපු සිය වම් අත දිගහරිමින් එහි වූ කුඩා උණ අඹයකින් පෙත්තක් කපා ඩොකා වෙත දිගුකල පිස්සු ඩෑල් එක මෙසේ කියාසිටියේය.
"අය්යෝ...... සෑර්ලට අඹකෑල්ලක් දෙන්න තියෙන අමාරුව.?????"😁😁😁😁

No comments:
Post a Comment