Sunday, August 20, 2017

Create a bootable USB flash drive

මොකද්ද මේ බූටබල් ක‍රනවා කියන්නේ?


ඔයාලා අහලා ඇති අනන්තවත් "bootable කරනවා" කියන එක එක කතා.දන්නවා වගේ හිටියට ඇත්තටම දන්නේ නෑනී හරි තේරුමක්..😀😀

ඇත්තටම බූටබල් කියන්නෙ අපේ තියෙන මැෂිමට මෙහෙයුම් පද්ධතියක් install කරනකොට,මෙහෙයුම් පද්ධතිය install කරන ඒ device එක පරිගනකයට හදුන්වාදීමක්. වැඩි කතාවක් ඕනි නෑ අපි වැඩේට බහිමු.


මේකට 4GB හරි ඊට වැඩි capacity එකක් තියන pen drive එකක් ඕන. වගේම ඔයා install කරන්න බලාපොරොත්තු වෙන windows එකේ ISO file එක ඕන.

මුලින්ම pen එක computer එකට සම්බන්ද කරලා command prompt එක open කරගන්න.

දැන් මෙන්න මේ command පිළිවෙලට type කරන්න.
  1. diskpart (ඕක type කරලා enter කලාම එන message එක ok කරන්න)
  2. list disk
  3. select disk 1
  4. clean
  5. create partition primary
  6. select partition 1
  7. active
  8. format fs=ntfs quick
  9. assign
  10. exit
මෙන්න මේ වගේ

දැන්  ISO එකේ තියන files ටික Virtual drive (ISO නෙවෙයිනම් අවුලක් නෑ නිකම්ම copy කරන්න) එකකින් pen drive එකට copy කරගන්න.

දැන් ඔයාලට pen එකෙන් computer එක boot කරන්න පුළුවන්,computer එක on වෙනකොට setup වලින් 1st boot drive එක විදියට pen drive එක select කරගත්තම වැඩේ ගොඩ...😂😂😂😂

ප්‍රශ්න තියෙනවනම් අහන්න.ඔයාලගේ අදහස් පහලින් 👇👇👇👇 කොටාගෙන යන්න..


No comments:

Post a Comment