Monday, September 4, 2017

V.I.P 2(වේලෛයිල්ලා පට්ටධාරී 2)

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට. මුලින්ම මම කැමතියි මට මේ බ්ලොග් එකට ආරාධනා කරපු අමන්ද සහෝට සුබ පතන්න. ඉතිං මේ තමයි මගෙ පලවෙනිම අවස්තාව බ්ලොග් එකක වැඩ කරන.ඉතින් මම හිතනවා ඔයාලගෙන් මේකට හොද ප්‍රතිචාර ලැබෙයි කියලා.

ඉතිං මම මුලින්ම පටන් ගන්නම්කො ටැමිල් චිත්‍රපටියකින්ම.ඔයාලට මතක ඇති මීට කාලෙකට කලින් ආවා (වී.අයි.පී) කියලා ටැමිල් චිත්‍රපටියක්.ඒ හරියටම 2014 දී. ඉතිං ඔන්න ඊට අවුරුදු හතරකට පස්සෙ ඒ චිත්‍රපටියෙම 2 කොටස ඇවිත් තියෙනවා (වී.අයි.පී 2) නමින්.

ඉතිං මේක තිරගත වුනේ 2017 ජූලි 28.ඒ වුනත් මේක ලෝකේ පුරාම තිරගත වීමට තිබුනේ නම් 2017 අගෝස්තු 11 වෙනිදා.ඒත් මේකේ ප්‍රධාන චරිතය විදිහට රඟපාන ඔයාලා කවුරුත් ආදරය කරන 'ධනුෂ් ' ගේ උපන්දිනය ජූලි 28 වෙනිදට යෙදිලා තිබ්බ නිසයි මේක කලින් රිලීස් කරන්න සැලසුම් කරලා තියෙන්නේ.මේක භාෂා දෙකකින් ආවා.හින්දි වලින් සහ තෙලිගු වලින්.මේකෙ තෙලිගු එකටනම් ධනුෂ්ම දෙබස් වලින් සහභාගී උනා කියලයි අරංචිය.

මේකෙ මම මුලින් කිව්වනේ ධනුෂ් ප්‍රධාන චරිතය කියලා.ඉතිං ධනුෂ් එක්ක කරට කර රඟපාන්නේ සුරූපී බොලිවුඩ් නිලි කාජල්.ධනුෂ් මේකේ රගුවරන් විදිහට රඟපානවා ඒ වගේම කාජල් වසුන්දරා විදිහට රඟපානවා.ඔයාලා තාමත් මේක බලලා නැත්තම් අදම බලන්න.මම නම් බලපු ‍ෆිල්ම් වලින් සුපිරි ටැමිල් ‍ෆිල්ම් එකක්.අපි බලමු අන්තිමට දිනන්නේ වී.අයි.පී(‍රැකියාවක් නැති උපාධිධාරියා) ද එහෙම නැත්තම් සල්ලි පස්සේ පන්නන වසුන්දරා ද කියලා.






එහෙනම් ජයෙන් ජය කට්ටියටම!!!!

ඔයාලට පුළුවන් පහල තියෙන මේ ලින්කුවෙන් ‍ෆිල්ම් එක බා ගන්න.

Download Movie

1 comment: