''මම දන්නෙ නැහැ.. ඒත් මෙහෙ එහෙම තමයි ඉස්සර ඉදලම වැඩ සිද්ද වෙන්නේ..''😅
එක්තරා විද්‍යාඥයින් කණ්ඩායමක් විද්‍යගාරයක් තුල අපූරු පරීක්ෂණයක් කලා.. ඔවුන් ඉඩ කඩ ඇති කූඩුවක් තුල ඉනිමගක් තබා එහි උඩින් හොදට ඉදුනු කෙසෙල් ඇවරියක් තැබුවා.. අනතුරුව වදුරන් පස් දෙනෙකුත් ඒ කූඩුව තුලට දැම්මා..
ටික වේලාවකින් එක් වදුරෙක් ඉනිමග උඩ ඇති ඉදුනු කෙසෙල් ඇවරියට ඉව අල්ලමින් ඉනිමග දිගේ ඉහලට යන්න උත්සහා කලා.. එහෙම උත්සහා කරන විටට අනිකුත් වදුරන් හතර දෙනාම සීතල වතුරෙන් නෑවීමට ලක් කලා..
මේ ආකාරයට ඉනිමග දිගේ ඉහලට වදුරෙක් ගමන් ගන්නා සෑම වාරයක් පාසාම අනෙක් වදුරන් සීතල වතුරෙන් නැහැවීමට ලක් උනා..
ටික කාලයකට පසුව ඉනිමග දිගේ වදුරෙක් උඩට යන්න උත්සහා කල සෑම විටම අනෙක් වදුරන් ඌට දරුණු ලෙස පහර දී ගමන වැලැක්වුවා...
ඔහෙම කාලය ගත වෙන කොට, කෙසෙල් ගෙඩියක් කෑමේ ආසාව කොතෙක් තිබුනත් කිසිම වදුරෙක් ඉනිමග දිගේ ඉහලට නැගීම අත්හැර දැමුවා..
ඉන් ටික කාලයකට පසුව විද්‍යාඥයින් කලේ කූඩුවේ එක් වදුරෙක් ඉවත් කොට අළුත් වදුරෙක් කූඩුවට දැමීමයි... අළුත් වදුරා මුළින්ම උත්සහා කලේ ඉනිමග දිගේ ඉහලට යෑමටයි... නමුත් පරණ වදුරන්ගේ දරුණු පහර කෑමටක ලක්වුන වදුරා, පහර දෙන හේතුව නොදැන උනත් ඉනිමග දිගේ ඉහලට නැගීමේ උත්සාහය අත්හැර දැමුවා.. 😤
මේ ආකාරයටම දෙවැනි, තුන්වැනි, හතරවෙනි සහ පස්වෙනි වදුරන් කූඩුවෙන් ඉවත් කර අළුත් වදුරෙක් කූඩුවට දැමූ අතර, සෑම විටම ඉනිමග දිගේ නැගීමට උත්සහා කල අළුත් වදුරාට පහර දීමට ඊට කලින් සිටි උන් පුරුදු වුණා... 😃
අවසානයේ කූඩුව තුල ඉතිරි උනේ අළුත්ම වදුරන් පස් දෙනෙක්... ඔවුන් එක් කෙනෙකුවත් සීතල වතුරෙන් නැහැවීමට ලක්වී නැති උනත් ඉනිමග දිගේ ඉහලට යෑමට උත්සහා කල කෙනාට පහර දෙන්න අනෙක් වදුරන් පුරුදු උනා.. 😉
යම් කිසි ආකාරයකින් මෙසේ පහර දීමට හේතුව වදුරෙකුගෙන් ඇසීමට හැකියාව තිබුනානම්.. ඌගේ පිළිතුර වනුයේ..
''මම දන්නෙ නැහැ.. ඒත් මෙහෙ එහෙම තමයි ඉස්සර ඉදලම වැඩ සිද්ද වෙන්නේ..''
කියන උත්තරය ලැබෙන්න ඉඩ තිබ්බා..
(කතාව දිනිදු දරනගම වෙතින්.. )

Elow
ReplyDeletethxx
DeleteElow
ReplyDeletethx machan
Delete