Saturday, August 26, 2017

What is the Hacking


මොකක්ද මේ හැකින්?



සරලව කිව්වොත්, "වෙනත් පද්ධ්තියකට හෝ ජාලයකට ඇතුල් වීමක් වේ." 

හැකර්ලා ලෝකෙටම ජාති 3 යි.



WHITE HAT HACKERS
BLACK HAT HACKERS
GRAY HAT HACKERS


  • WHITE HAT HACKERS

ජාලගත කිරීම් පිලිබද සහ වෙනත් මේ ක්ෂේත්‍රයට අදාල වූ දැනුම උපයෝගී කරගෙන මේ ජාලකරණයේ පවතින අඩුපාඩු පෙන්වා දී ඒවා නිවැරදි කිරීමට කටයුතු ක‍රන හොද පිරිසකි.මොවුන් හානිකර නොමැති හේතුන් සදහා පද්ධ්තියක ඇතුළු වන්නන් වේ.පරිගණක සහ ජාල ආරක්ෂක ප්‍රමුකයන් ලෙස හැදින්වේ.

  • BLACK HAT HACKERS

හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පද්ධතියකට ඇතුළු වන්නන් වේ.

  • GRAY HAT HACKERS


ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ , බොහෝ දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි.

මෙවැනිම තවත් හැකර්වරු ඉන්නවා.මෙයාලා අප අතරෙත් ඉන්න පුලුවන්.

Hacktivist


සමාජ , ආගමික, දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන්.මෙහිදී ආකාර දෙකකට මෙයාලා වර්ග කරනවා..

Server Side Hacking සහ Client Side Hacking  

↭😀↭↭↭↭↭↭↭😀↭↭↭↭↭↭😁↭

Server Side Hacking

  • Brute-force Attacks
බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම්, අංක එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මෙම ප්‍රහාහාරය දියත් කරයි ,නමුත් ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ.
  • Dictionary Attacks
ලේසියෙන් මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා , මොකද ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මේ වගේ පොඩි මුර පද ලෙහෙසියෙන්ම සොයා ගන්න පුලුවන්.
  • Exploiting
Exploiting යනුවෙන් හැදින්වෙන්නේ යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තමාගේ වාසිය සාදා ගැනීමයි.වෙබ් අඩවියක මෙවැන්නකින් කල හැක්කේ,
SQL Injection
 RFI, LFI
Uploading Shells
XSS ( Cross Site Scripting)
Using Scripts to gain information known as Exploits
CSRF , XSRF , One Click Attack
                                                                    
                                                                                                          මේ එකින් එක ගැන,විස්තරක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා...
  • Bot or Zombies
තවත් ප්‍රබල දෙයකි.Password Stealing , Keylogging ලෙසත් ක්‍රියාත්මක වේ.BOTNET එකක් යනු බොහෝ විනාශකාරී දෙයකි.ඔබේ සියලු දත්ත වලට ශොට් එක දෙන්න පුලුවන්.

 Client Side Hacking

  • Social Engineering

Social Engineering Expert කෙනෙකු සාමාන්‍යයෙන් දින ගානක් තමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධ්‍යන‍ය කරයි. ඔහුගේ ජිවන රටාව , කැමති යුවතියන් වර්ග , කොන්ද විලාසිතා වැනි දේ.

  • Shoulder Surfing

අනෙකාගේ මුර පදය දෙස බලා සිටීම.

  • Guessing

“සිතීම “ .... social engineering දන්නවා නම් මේක ලේසියි.

  • Cookies Stealing

යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස් සොරා ගැනීම තුලින් ලොග් වන User Name සහ Password සොරාගැනීම.

මේ වගේ තවත් ක්‍රම ගොඩක් තියෙනවා.ඉදිරියෙදි අපි මේවා වැඩිදුර කතා කරමු...
පෝස්ටුව හොදනම් පහලින් ඔබේ අදහස් මට කියන්න...

😀😀😀😀  👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 😀😀😀😀

No comments:

Post a Comment